බණ්ඩාරගම පාළු පාරක වෙඩි තබා මරා දමා සිටි සුජීව ගුණරත්න (39) චන්දිම නුවන්රත්න (29) හිසට වෙඩි වැදීමෙන් මරණයට පත්වී ඇතැයි කළුතර අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර එන් එල් එල් ජයසිංහ මහතා කියයි.
මොරටුව සුනන්දෝපනන්දාරාමාධිපති හිමියන් ඝාතනය සම්බන්ධයෙන් ඔවුන් සැකකර බව පොලීසිය පවසයි.
ඔවුන් පදිංචිව සිටි ගෙවල් ගිනි තබා වනසා ඇති හෙයින් සිරුරු ගෙන යෑමට තැනක් නැතැයි නෑයෝ පොලීසියට කීහ.
සිරුරු කළුතරින් එහාට නෙගෙනෙන ලෙස තර්ජනය කර ඇතැයි ද නෑයෝ කීහ.
මේ සිරුරු නාගොඩ ඇටවිලවත්ත සුසාන භූමියේදී බදාදා (6) මිහිදන් කිරීමට නියමිතය.