මොරටු ඝාතනයේ හතරක් හඳුනා ගැනෙති


මොරටුව එගොඩ උයන සුනන්දෝපනන්දාරාම විහාරාධිපති හිමියන් ඝාතනය කළැයි සැකපිට හදුනාගැනීමේ පෙරට්ටුවට තැබු සැකකරුවන් සිව් දෙනකු හදුනාගැනීමට හිමි දෙනමක් ඇතුළු සාක්කි කරුවන් සිවු දෙනක් සමත් වුහ.

එස්. ධනුෂ්ක ෂෙරෝන් ප්‍රනාන්දු, සුදේශ් ධනුෂ්ක ප්‍රනාන්දු  හා නිපුන සම්පත් ප්‍රනාන්දු, රමෙෂ් දිල්රුක් මෙන්ඩ්ස් හදුනා ගනු ලැබුවෝ වෙති.

අතිරේක මහේස්ත්‍රාත් පූර්ණිමා පරණගමගේ මහත්මිය ඉදිරියේ පෙරට්ටුව පැවැත් විණි. සැකකාර උප නගරාධිපති සුජිත් පුෂ්ප කුමාර ලබන 28 දා හදුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය පොලීසියට නියෝග කළාය.

මරණ පරීක්ෂණ සාක්කි ලබන  21 දින කැදවන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

උප නගරාධිපති  සුජිත් පුෂ්ප කුමාර , එම් දිනේෂ් ලක්මාල් ප්‍රනාන්දු, ඉෂාන් කාවින්ද ප්‍රේම බන්දු, තිරුමලම් ඉලන්ගෝ , දුරේෂානී කේසවන්  නිරෝෂාන්  කුමාර්,  චින්තක රුවන්ද සිල්වා සෙසු සැකකරුවෝ වෙති.

සියලු දෙනාම ලබන 28 දා තෙක් රිමාන්ඩ් කරනු ලැබුහ.