මොරටුව එගොඩඋයන සුනන්දෝපනන්දාරාම විහාරාධිපති හිමියන් ඝාතනයේ සැකරකුවන් බව කියන දෙදෙනාගේ සිරුරු වාද්දූව පොතුපිටියේ සුසාන භූමියේ දී මින් මද වේලාවකට කලින් මිහිදන් කැරිණි.
ලෑලි පෙට්ටි දෙකකින් ගෙනා සිරුරු දෙක එකම වලක දමද්දී එක් සැකකරුවකුගේ මව ද, ඇනෙක් සැකකරුගේ නැගනිය ද එහි වූහ.
බණ්ඩාරගම දැල්කඩ පුරන් වෙල් යායක් අසළ පාළු පෙදෙසකදී පෙබරවාරි හතර වැනිදා චන්දිම රුවන්රත්න (28) , සුජිත් ගුණරත්න (37) වෙඩි තබා මරා දමා තිබිණි.