මොරටු ගුරුවරියකට බිත්තර ප්‍රහාරයක්


පාසල නිමවී නිවසට යමින් සිටි මොරටුව පාසලක ගුරුවරියකට එම පාසලේ සිසුන් පිරිසක් විසින් බිත්තර ගසා ඇතැයි අධ්‍යාපන ආරංචි කියයි.

අද(5) පස්වරු 1.30ට පමණ එම ගුරුවරිය පාසලේ සිට ත්‍රීරෝද රියකින් නිවසට යද්දී මග හරස් කළ සිසුන් පිරිස ගුරුවරියට දෙසට බිත්තර හතරකින් ගසා ඇත.

ත්‍රීරෝද රියේ රියදුරුටද බිත්තර වැදි ඇත.

බිත්තර ගැසූ පිරිස අතර පාසලේ ශිෂ්‍ය නායකයන් කිහිප දෙනකුද සිටින බවට හා කිසිවකුගේ උසිගැන්වීමකට එසේ කරන්නට ඇති බවට සැක කරයි.

එම ගුරුවරිය සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමට යද්දී එම විද්‍යාලයයේ ආදි ශිෂ්‍ය සංගමය මැදිහත්ව එය නතර කර ඇති අතර ඔවුන් පවසා ඇත්තේ සඳුදා විද්‍යාලයයේදී ඇයගෙන් වැඳ සමාව ගන්නා ලෙසට සිසුන්ට දන්වන බවයි.

මේ අතර අද (5) මොරටුව වේල්ස් කුමර විද්‍යාලයය ඉදිරිපිට තිබූ විරෝධතාව වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් කිහිප දෙනකුට බාධා එල්ල වී ඇතැයි එම මාධ්‍යවේදීහු කියති.

ජාතික පාසල් අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන් පාසලට පැමිණෙන අවස්ථාවේ ඔවුන්ගේ ඡායාරූප ගැනීමට යද්දී මාධ්‍ය වේදීන් දෙදෙනකුට ඡායාරූප නොගන්නා ලෙස කියමින් උද්ඝෝෂණයේ නියුතු පිරිසක් බැණ වැදී ඇත. තමන් මාධ්‍යවේදීන් යැයි හැදුණුම්පත් පෙන්වූ විට එතැන සිටි පුද්ගලයකු පරුස වචනයෙන් බැන වැදී ඡායාරූප නොගන්නැයි තර්ජනය කර තිබේ.