අපරික්ෂාකාරී ලෙස මාර්ග නීති නොතකමින් රිය පදවමින් රජයේ දේපලක් වූ රථයක් අනතුරට පත්කිරීම සම්බන්ධයෙන් මොරටුව මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ඩී.එම්.කරුණාරත්න රුපියල් 5000.00 ක ශරීර ඇප මත මුදා හරින ලෙස මොරටුව අතිරේක මහේස්ත්‍රාත් එම්.එම්.මිහායිල් මහතා අද නියෝග කළේය.
කොමසාරිස්වරයා අධිකරණයේ දී කියා සිටියේ මේ චෝදනාවලට තමන් නිවැරදිකරු බවයි.
මේ අතර බස්නාහිර පළාත් වැඩබලන ආණ්ඩුකාර ලේකම් පී.සෝමසිරි මහතාගේ විසින් නාගරික කොමසාරිස් ඩී.එම්.කරුණාරත්න මහතා සේවා අවශ්‍යතාවක් මත යැයි පවසමින් බස්නාහිර පළාතේ පළාත් පාලන දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර ඇති අතර නාගරික කොමසාරිස් ධූරයේ වැඩ බැලීම සඳහා එස්.ඩී.තෙවරප්පෙරුම මහතා පත්කර ඇත.

