මොරටුව මහ නගර සභාවේ උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාරට නගර සභා රැස්වීමට සභාගී වීමට ඉඩ නොදීමෙන් උසාවි නියෝගයකට අපහාස නොකළ බවට හේතු දක්වන ලෙසට භික්ෂුන් වහන්සේ හය නමකට මොරටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් බී.ඒ ආර් සෝමසිංහ මහතා නොතීසී නිකුත් කළේය.
පුරහල් භුමියට රැස්ව ඔහුට බාධා කළ බවට ඡායාරූප වලින් හදුනාගත් මෙම භික්ෂුන් හය නම මැයි අට වැනිදා අධිකරණයේ පෙනීසිටිය යුතුයැයි අධිකරණය කියා සිටියේය.
මොරටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අමල් එදිරිමාන්න මහතාගේ ඉල්ලීම අනුව මේ පියවර ගැනිණි.