මොරටු උප පුරපතිට ඇප


මොරටුව සුනන්දෝපනන්දාරාමාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමි ඝාතනයට සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි මොරටුව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර පානදුර මහාධිකරණයේ ඇප නියෝග පරිදි රුපියල් පන් ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් සහ   රුපියල් විසි පන් දහසක මුදල් ඇපයක් මත මුදා හරින ලෙස මොරටුව මහේස්ත්‍රාත් එම් එම් මිහාල් මහතා නියෝග කළේය.

සෑම මසකම අවසන් ඉරුදින මොරටුව පොලිසියේ පෙනී සිටින ලෙස ද, තුන් මාසයකට වරක් කොළඹ අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙස ද, ගුවන් ගමන් බලපත අධිකරණය භාරයේ තබන ලෙස ද නියෝග කැරිණි. ඔහුට ඇප කොන්දේසි හයක් නියම විය.