මොරටුව සුනන්දෝපනන්දාරාමාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමි (46) කපා කොටා මරා දැමීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් මොරටුව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර මෙම මස 14 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස මොරටුව මහේස්ත්‍රාත් පූර්ණිමා පරණගම මහත්මිය නියෝග කළාය.
විමල්‍වංශ හිමි ඝාතනය කළ ප්‍රධාන සැකකරුවන් දෙදෙනාට ආධාර අනුබල දුන්නැයි කොළඹ අපරාධ කොට්ඨාසය මගින් උපනගරාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා තවත් පැය 24 කාලයක් රඳවා තබා ගැනීමට අවසර දෙන ලෙසයි.
එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය පෙරවාරි 14 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස නියෝග කළාය.