මොරගහකන්ද ජලාශයේ ජලය පිරවීම ආරම්භ වීමත් සමග අඹන්ගඟේ දිගේ ගලා ගිය ජල පහර රක්ෂිතය සහ ගම්මාන දිනෙන් දින මහා ජලකඳ විසින් ගිල ගනු ලබයි. එහි සිටි මිනිසුන්ගේ වාසස්ථානවලට වෙනත් ස්ථාන ලැබුණ ද කුරා කුහුඹුවාගේ පටන් මහා සද්දන්තයා දක්වා සතුන්ගේ දිවි ගලවා ගැනීමේ සටනක යෙදී සිටින සංවේදී මිනිසුන් පිරිසක් අපි දුටුවෙමු. වනජීවි නිලධාරීන් මෙන්ම ජලාශය බලන්නට එන පිරිස් ද ඔවුන්ගේ එදිනෙදා කටයුතු ස්වල්ප වේලාවකට පසෙක තබා සතුන්ගේ ජීවිත බේරාගැනීමට දැඩි වෙහෙසක් ගනිමින් සිටිති.










