(කාංචන කුමාර ආරියදාස)
මොරගහකන්ද ජලාශයට ඉඩම් යටවූ පවුල්වල සාමාජිකයෝ පිරිසක් නාවුල ඇලගමුව ප්‍රදේශයේ මහා පාරේ පදිංචි වී සිටිති. එම ප්‍රදේශයේ නිවාස ද මාර්ග ද මේ වන විට ජලයෙන් යටව පවතී.
ගම්මානයෙන් ඉවත් කළද උප පවුල්වලට ලබාදීමට පොරොන්දු වූ වන්දි මුදල් මහවැලි අධිකාරියෙන් මෙතෙක් ලබා දී නැති බවත් ඒ හේතුවෙන් තමන්ට ඉන්නට තැනක් නොමැති බවත් ඔවුහු පවසති.
එම පවුල්වල පිරිමි සාමාජිකයින් පමණක් සිය ගම්මානයට මෙසේ පැමිණ සිටින අතර ඔවුහු මාර්ගයේ ම ආහාර පිසගනිති. නාවුල ප්‍රාදේශීය ලේකම් නිශාන්ත කරුණාරත්න මහතා මේ ගැන සොයාබැලීමට එම ස්ථානයට පැමිණියේය.





