මොරගහකන්ද ජලාශය ඉදිකිරීම් සදහා ඉඩම් දේපළ ලබාදුන් ගම්මාන ගණනාවක ජනතාව තමන්ට නිසි වන්දි මුදල් හෝ ගොවිතැන් කිරිමට බිමක් ඇතුළු පොදු පහසුකම් ලැබී නැති බව පවසමින් පසුගිය 08 වැනිදා ආරම්භ කළ උපවාසය සඳුදා (9) අවසන් කළහ.
මහවැලි නිලධාරින් පැමිණ සියලු සහන ලබාදීමට ලිඛිත පොරොන්දුවක් ලබාදීමෙන් පසු උපවාසය අවසන් කැරිණි.
මොරගහකන්ද ජන අයිතීන් සුරැකීමේ සංවිධානය කිවේ මේ පොරොන්දු ඉටු නොකළහොත් කොළඹ මහවැලි කාර්යාලය වටලන බවයි.





