මහවැලි යෝජනා ක්‍රමයට අයත් ජලාශ අතරින් විශාලතම ජලාශය වන මොරගහකන්ද ජලාශය මේ වනවිට පිරෙමින් පවතී.
පරාක්‍රම සමුද්‍රය මෙන් පස් ගුණයක් විශාල යැයි කියැවෙන මෙම ජලාශය පිරවීම ආරම්භ කැරුණු පසුගිය ජනවාරි 11 වනවිට මුළු මහත් ශ්‍රී ලංකාව පුරාම පැවතියේ අතිශය දැඩි නියං තත්ත්වයකි. එහෙත් සතියක පමණ ඇවෑමෙන් කිසිවකු අපේක්ෂා නොකළ පරිදි වර්ෂාව ඇද හැළෙන්නට වූ අතර මේ වනවිට මොරගහකන්ද ජලාශයේ අඩකට ආසන්න ප්‍රමාණයක් පිරී තිබෙන අයුරු ගුවනින් ගත් ඡායාරූපයකට නැගුණේ මෙසේය..
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශයේ සුදත් සිල්වා


