මොනරාගල දුප්පත්කමට හේතුවක් සුමේධා දකී


ගණිකා මඩමක් පවත්වාගෙන යන බවට තමාට ලොකු මඩ පහරක් එල්ල කැර ඇති බවත් එය දේශපාලන කුමන්ත්‍රණයක් බවත් තම ප්‍රතිරූපය නැති කිරීමට එම නින්දිත  පුවත් පළ කරන අයට නීතී මගින් ක්‍රියා කරන බවත් පාර්ලිමේන්තු කටයුතු ඇමතිනි  සුමේධා ජී ජයසේන ඇමැතිනිය මොනරාගල දී පැවසීය.

තම පාර්ලිමේන්තු නිල නිවසේ වසර දහයකට පමණ සිට ඥාති දියණියක සිටි බවත් ඇය විවාහ වී වෙනත් ස්ථානයක පදිංචියට ගොස් ඇති බවත් ඇය කීවාය.

මොනරාගල දිස්ත්‍රික්කයේ  දුප්පත්කම වැඩි වි නැතත් පිටිසර ගම්මානවල ගංජා වැනි මත්ද්‍රව්‍ය ව්‍යාපාර පවත්වාගෙන ගිය අය අත්අඩංගුවට ගැනීමෙන් ආදායම කිසියම් ප්‍රමාණයකින් අඩු වන්නට ඇතැයි ද ඇය කීවාය.