(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් මොන තරාතිරමක හිටියත් අත්අඩංගුවට ගන්නා බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාස්කු ප්‍රහාරය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් ප්‍රේමදාස මහතා මේ බව කීය.
"පාස්කු විමර්ශන රජය පරීක්ෂා කරන තත්ත්වයක් දක්වා පැමිණ ඇති බවත් එය අසීරු වුවත් ඉටුකරන බවත් ජනාධිපති එදා කාදිනල් තුමාගේ උත්සවයේදී පැවසුවා පැවසුවා.
එය විකෘති කරමින් අද කරුණු ප්‍රකාශයට පත්වීම යුක්ති සහගත නැහැ.පාස්කු විමර්ශන වාර්තාව ඉදිරියේදී විමර්ශනය සඳහා රහස් පොලිසියට බාර දෙන්නත් අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ සභාගත කරන්නත් සූදානම්.පාස්කු ප්‍රහාරය ගැන විධිමත් විමර්ශනයක් කරන බව අපේ ජනපතිවරණ ප්‍රකාශයේද සඳහන් කර තිබුණා.ඒ ආකාරයෙන්ම අප මේ වන විට විධිමත් විමර්ශන ආරම්භ කර තිබෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.