මොණරාගල තැපැල් ඡන්දයේ ජය සන්ධානයට


ඌව පළාත් සභා ඡන්දයේ පළමු ඡන්ද ප්‍රතිඵලය මීට ටික වේලාවකට පෙර නිකුත් විය.

මොණරාගල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය

postal-new

එක්සත් ජනතා නිදහස් සන්ධානය - 5632

එක්සත් ජාතික පක්ෂය - 2800

ජනතා විමුක්ති පෙරමුණ - 1001

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - 395

2009 වසරේ ඌව පළාත් සභා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය තැපැල් ඡන්ද 7076ක් ද, එක්සත් ජාතික පක්ෂය 793ක් ද, ජනතා විමුක්ති පෙරමුණ 234ක් ද ලබා ගෙන තිබිණි.

ඒ අනුව මොණරාගල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ආණ්ඩුව ඉදිරියෙන් සිටිය ද, පසුගිය ඌව පළාත් සභා මැතිවරණය හා සසඳන විට ආණ්ඩුවේ ඡන්ද 1444ක් අඩු වී ඇත. එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද සංඛ්‍යාව  2007කින් වැඩි වී තිබේ. ජනතා විමුක්ති පෙරමුණ ද ඡන්ද 767කින් ඉදිරියට පැමිණ ඇත.

 

postal