මොණරාගල දිස්ත්‍රික්කයේ ඡන්ද නීති තදින් ක්‍රියාත්මක කරන බවටත්, දැනට පවතින වාතාවරණය මීට වඩා යහපත් මට්ටමක පවත්වා ගෙන යෑමට උත්සාහ කරන බවටත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති රැස්වීමක දී දේශපාලන පක්ෂ නියෝජිතයෝ, පොලිසිය සහ රාජ්‍ය නිලධාරීහු එකඟ වූහ.
මොණරාගල ඡන්ද නීති දිගින් දිගටම උල්ලංඝණය කරමින් ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන බවට චෝදනා එල්ල වීම නිසා එම ප්‍රදේශයේ ඡන්දය පවත්වනවා ද, කල් දමනවා ද යන්න සොයා බැලීමට අද එම රැස්වීම පැවැත්විණි.
පක්ෂ නියෝජිතයන්, පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, දිසාපති සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැති රැස්වීමේ දී ඉදිරි කාලයේ යහපත් වාතාවරණයක් පවත්වාගෙන යෑමට පොරොන්දු වූ නිසා ඡන්දය කල් දැමීමේ තීරණයක් දැනට නැතැයි ද, ඉදිරි වාතාවරණය අනුව එය සලකා බලන බව ද මැතිවරණ කොමසාරිස් ‘එසැණට‘ කීවේය.

