මොණරාගල කොට්ඨාස දූෂණ මර්දන ස්ථානාධිපති අත්අඩංගුවට


වැල්ලවාය තිස්ස පාරේ සීජීඑම් මාවතේ දී වාහනයක යමින් සිටි පුද්ගලයකුට පහර දුන්නේයැයි සැකපිට මොණරාගල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පොලිස් පරීක්ෂකවරයකු වන ඔහු යතුරු පැදියෙන් යමින් සිටියදී පහරකෑ බව කියන පුද්ගලයා වාහනයකින් යමින් සිට ඇති බවත්, තමන්ගේ යතුරු පැදියට පාර අවහිර වීයැයි කියමින් පොලිස් නිලධාරියා පහර දුන් බවත් පහරකෑ පුද්ගලයා පොලිසියට දුන් ප්‍රකාශයේ සඳහන් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

පහරකෑ පුද්ගලයා වැල්ලවාය මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.