මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ අත්සනින් අද උදේ 6.47ට පමණ නිකුත් කළ ඌව පළාත් සභාවේ මොණරාගල දිස්ත්‍රික් අවසන් ඡන්ද ප්‍රතිඵලයේ සුළු වෙනසක් කර නැවත නිකුත් කරනු ලැබීය.
කළින් නිකුත් කර තිබූ ප්‍රතිඵල ලේඛණයේ ජනතා විමුක්ති පෙරමුණ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 14960ක් ලෙස ද, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 2482ක් ලෙස ද, වලංගු මුළු ඡන්ද සංඛ්‍යාව 241430ක් ලෙස ද, ඡන්දය භාවිත කළ මුළු සංඛ්‍යාව 254301ක් ලෙස ද සඳහන්ව තිබිණි.
අලුතින් නිකුත් කළ ප්‍රතිඵල ලේඛනයේ ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද සංඛ්‍යාව 15955ක් ලෙස ද, ප්‍රජාතන්ත්‍රවාදී සංධානයේ 2874 ලෙස ද, වලංගු ඡන්ද සංඛ්‍යාව 241426ක් සෙල ද, භාවිත කළ මුළු සංඛ්‍යාව 254297ක් ලෙස ද වෙනස්ව තිබිණි.

