තමන්ට ‘හිජාබය‘ ඇඳගෙන පාසලට පැමිණිමට අවහිර කිරීමෙන් රාජගිරිය ජනාධිපති බාලිකා විදුහලේ විදුහල්පතිනිය තම මුලික අයිතිවාසිකම කඩ කැර ඇතැයි සඳහන් කරමින් ඊට අවසර ලබා දීමට නියෝග කරන ලෙස ඉල්ලා විදුහලේ මුස්ලිම් සිසුවියක ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමට 13 වැනි දින කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධීකරණය නියෝග කළේය.
මෙම පෙත්සම චන්ද්‍රා ඒකනායක,ඊවා වනි සුන්දර සහ බුවනෙක අලුවිහාරේ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.

