
(ඇල්ල ප්‍රසාද් රුක්මල් )
ඇල්ල සිට බදුල්ල නගරයේ දේවස්ථානයකට යමින් සිටි පිරිසක් රැගත් මෝටර්රථයක් බදුල්ල - බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හාලිඇල කෝව්ල අසලදී අද (2) උදෑසන මාර්ගයෙන් ඉවතට පැන මාරගසක ගැටීමෙන් පුද්ගලයකු මියගොස් කුඩා දරුවන් දෙදෙනකු ඇතුලු සිව්දෙනෙකු බරපතළ තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව හාලිඇල පොලිසිය පවසයි .
ඇල්ල බණ්ඩාරවෙල පාර පදිංචි ඇල්ල නගරයේ සංචාරක හෝටලයක් පවත්වා ගෙන යන බණ්ඩාරවෙල ප්‍රදේශයේ පෞද්ගලික පාසල ක සේවය කරන රොශාන් සරින් ජෙකොබ් (52) නැමති අය අනතුරින් මියගිය බවද පොලිසිය කීය .
ඔහුගේ බිරිද අසාධ්‍ය තත්ත්වයෙන් බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බවද බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය .
ඇල්ල බණ්ඩාරවෙල පාරෙ සංචාරක හෝටලයක පවත්වාගෙන යන මියගිය පුද්ගලයා සහ ඔහුගේ බිරිද අද (2) උදෑසන බදුල්ල නගරයේ දේවස්ථානයක පැවත්වෙන උදෑසන දේව මෙහෙයකට සහභාගි වීමට මෝටර්රථයෙන් යමින් සිටියදී අතර මගදි මොවුන්ගේ හිතවත් දෙමෝදර ඇතුල්කන්ද ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි මව සහ දරුවන් දෙදෙනා ද මෝටර් රථය ට නංවා ගෙන ගොස් ඇති බවත් පොලිසිය පැවසීය .


