මෛත්‍රීපාල සිරිසේන රාජිත සමඟ එයි


ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බාර දෙන අද (08) රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයය අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබේ.

පාර්ලිමේන්තු පාරේ එක් මන්තීරුවක් පමණක් ගමනාගමනයට විවෘතව ඇති නිසා එම පෙදෙස් ආශ්‍රිතව වාහන තදබදයක් ඇත.

අපේක්ෂකයන් 19 දෙනකු අද නාමයෝජනා බාර දීමට නියමිතය.

ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා තරඟ කරන මහින්ද රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා එන තුරු ඔවුන්ගේ ආධාරකරුවෝ රැසක් අවට රැස්ව සිටිති.

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ සහ හිටපු ඇමැති රාජිත සේනාරත්න මහත්වරු සමඟ මැතිවරණ දෙපාර්තමේන්තුවට ගියහ.

බත්තරමුල්ලේ සීලරතන හිමි සහ දුමින්ද නාගමුව මහතා ද නාමයෝජනා බාර දීමට පැමිණියහ.

Untitled-11

Untitled-9

Untitled-8

Untitled-7

Untitled-5

Untitled-4

Untitled-2 Untitled-3

Untitled-1

Untitled-1