මෛත්‍රීට-මහින්දට ජීවිත තර්ජන ඇතැයි කී ඉන්දීය ජාතිකයා රඳවා ප්‍රශ්න කිරීමට අවසර


(නිමන්ති රණසිංහ)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ ශිරන්ති රාජපක්‍ෂ යන මහත්ම මහත්මීන්ට ජීවිත තර්ජනයක් ඇතැයි රහස් පොලිසියට කී ඉන්දියානු ජාතිකයා දින 90 ක් රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (27) අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවට අවසර ලබා දුන්නාය.

මර්සලින් තෝමස් නම් මෙම  ඉන්දීය ජාතිකයා අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුව මගින් අද  මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.

ඡායාරූප - ළහිරු හර්ෂණ