මෛත්‍රීට උදව් කළැයි උඩුගම කඩ දෙකක් කඩයි


විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට ආධාර කළැයි කියන පවුල් දෙකකට අයිති කඩ දෙකක් අද (19) අලුයම ලොකු වාහනයක් හප්පවා කඩා දමා ඇතැයි ද උඩුගම බාර් හන්දියේ ඇළ අසල මේ කඩ දෙක පිහිටි බවද උඩුගම පොලිසියට පැමිණිලි කර ඇත.

කඩ කඩා දැමීමෙන් පසුව අහසට වෙඩි තැබූ දේශපාලනඥයකු ඇතුළු මැර පිරිසක් තර්ජනය කළ බවද කඩ හිමියෝ කියති.

මට ඉහළින් මේ පැත්තේ කිසි එකකුට කිසිවක් කරන්න බැරි යැයි එම දේශපාලනඥයා කිවූ බවද අසල්වැසියෝ කියති.

මෙම දේශපාලනඥයාගේ සගයකු වන පළාත් සභා ඇමැතිවරයකු මැදිහත්වී යළි එම කඩ දෙක තනා දීමට යන බවද දැනගන්නට ඇත.