පොළොන්නරුව හතරේ ඇළ ගරාජයක් අසලදී අද සවස හතට පමණ අනතුරකට ලක් වු ප්‍රියන්ත සිරිසේන මහතාගේ හිසේ පිටුපසට තියුණු අවියකින් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි පවසන වෛද්‍යවරු ඔහුගේ ජීවිතය බේරා ගැනීමට මහත් පරිශ්‍රමයක් දරති.
මේ වන තුරුත් පොලීසිය කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගෙන නැත.
සිරිසේන මහතා පොළොන්නරුව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. ඔහු කොළඹට රැගෙන ඒමටද නියමිත බව දැනගන්නට ඇත.

