මෛත්‍රීගේ නැන්දනිය කළුරිය කරයි


විපක්ෂයේ පොදු අපේක්ෂක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් හා හිටපු සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නැන්දණිය ඩී.එල්.හැරියට් සිල්වා මාතාව (76) අභාවප්‍රාප්ත වූවාය.

පස් දරු මවක වන ඇගේ දියණියක වන ජයන්ති පුෂ්පකුමාරි සමග සිරිසේන මහතා විවාහ වී සිටී.

දේහය වැලිවේරිය, ඇඹරළුව, නැදුම්ගහහේනේ අංක 417 දරන නිවසේ තැන්පත් කර ඇත. ආදාහනය ලබන බ්‍රහස්පතින්දා (18) සවස 6 ට වැලිවේරිය ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතය.