ඉන්දියාවේ සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මීට සුළු වේලාවකට පෙර ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැත්වීය.
එහිදී ඉන්දියාවේ අගමැතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා තම ප්‍රථම විදෙස් සංචාරය ලෙස ඉන්දියාවට පැමිණි අවස්ථාවේ පිළිගැනීමට හැකිවීම විශාල සතුටක් බවයි. ජනාධිපතිවරයා ලැබූ ජනවරම ශ්‍රි ලංකාවේ සාමූහික ජනතාවගේ හඬ නියෝජනය කරණ ජයග්‍රහණයක් යැයි ඉන්දියාවේ පිළිගැනීම බවත් ඒ වෙනුවෙන් ඉන්දියාවේ සුබ පැතුම් පිරිනමන බවත් අගමැති මෝදි කීවේය. ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමාට ලැබී ඇති ජනතා සහයෝගය එක්සත් හා සමෘද්ධිමත් ජාතියක් බිහි කිරීමට හැකියාවක් ලැබෙනු ඇතැයි ද අගමැති මෝදි පැවසීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන් සහ තමන් ද්විපාර්ශික සබඳතා සහ ජාත්‍යන්තර ගැටළු පිළිබඳ සාකච්ඡා කළ බව ද ශ්‍රී ලංකාවේ විශාලතම වෙළඳ හවුල්කරු වීමට සතුටින් සිටින බව ද මෝදි කීවේය. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගුවන් හා මුහුදු සම්බන්ධතා වැඩිදියුණු කිරීමට කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් කීවේය.
මීට ඉහත අවස්ථා කිහිපයක දී ම සාකච්ඡාවට ගෙන අතරමග නැවතුණු ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර වූ න්‍යෂ්ඨික සහයෝගීතාව පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුමක් අත්සන් කිරීම කෙරෙහි ද වැඩි අවධානයක් යොමුකැර ඇති බව අගමැතිවරයා කීවේ යැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවය වාර්තා කරයි.

