මෛත්‍රී සහයට 18ක් එති


උතුරු මැද පළාත් සභා මන්ත්‍රීවරයෙක් සහ ආනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 18 දෙනෙක් අද (24) තිඹිරිගස්යාය පොදු අපේක්ෂක මෙහෙයුම් කාර්යාලයයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට එක්වූහ.

හිටපු ඇමැති දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඔවුහු මාධ්‍ය සාකච්ඡාවකට ද එක්වූහ.

ඒ අතර විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දීම සඳහා තිඹිරිගස්යායේ පොදු අපේක්ෂක කාර්යාලයේ මාධ්‍ය හමුවකට ආ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ සන්ධාන මන්ත්‍රී නාගරික  මන්ත්‍රී  සාවිත්‍ර රමාල්ද සිල්වා  මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න අසද්දී මාධ්‍යවේදීන්ට, පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට  හා පක්ෂ සාමාජිකයින්ට බැන වැදුණු ඔහු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හොඳ කියමින් එතැන තිබු පුටුවලටද පහරදී පිට වී ගිය බව පොදු අපේක්ෂක කාර්යාල ආරංචි කියයි.

සිද්ධිය පිළිබදව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පිරිසක් බම්බලපිටිය පොලීසියට පැමිණිලක්ද කැර ඇත.

 

 

 

සනත් ඩෙස්මන්