සිව් දින නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බ්‍රිතාන්‍ය බලා සෙනසුරාදා (07) බ්‍රිතාන්‍ය බලා පිටත්ව යාමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර,ජනාධිපති ලේකම් පිබී අබේකෝන්,විදේශ අමාත්‍යංශ ලේකම් චිත්‍රාංගනී වාගීෂ්වර මහත්මිය ඇතුළු 20කට අඩු රජයේ දූත පිරිසක් මෙම සංචාරයට එක් වෙතියි පැවසේ. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සාමාන්‍ය මගී ගුවන් යානයකින් ජනාදිපතිවරයා ඇතුළු පිරිස ලන්ඩනය බලා පිටත්ව යනු ඇත.

