මෛත්‍රී රනිල්ට කිරිබත් දෙයි


පිටකොට්ටේ සිරිකොත එජාප පක්ෂ මූලස්ථානයේ සාකච්ඡාට ගිය ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

සිරිකොතේ කිරිබත් මේසයක් ද පිළියෙළ කර තිබිණි. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට මුල්ම කිරිබත් කෑල්ල පිළිගැන්වූයේ සිරිසේන මහතා විසිනි.

ශ්‍රී ලංකාවේ අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති කරන බව වික්‍රමසිංහ මහතා මේ හමුවේ දී කීවේය.

  ‘රාජ පක්ෂ‘ නම් එක් පක්ෂයක් පමණක් අද ආණ්ඩු කරවන බව දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය. ‘අනාගතයේ අප සමග තව විශාල පිරිසක් එක්වේවි.‘ යැයි ද ඔහු කීවේය.

ජනාධිපතිවරණයෙන් පසු ජාතික ආණ්ඩුවක් පිහිටුවන බව ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස තෝරා ගනිමින් එක්සත් ජාතික පක්ෂ විශාල කැපවීමක් කර ඇති බව ද  සිරිසේන මහතා පැවසීය.

GLA_2822 GLA_2930 GLA_2954 GLA_3030 GLA_3124 GLA_3140 GLA_3165 GLA_3174 GLA_3184 GLA_3186 GLA_3205