මෛත්‍රී පාලනයකට මෛත්‍රී කැපවෙයි


නව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රාජගිරියේ මැතිවරණ ලේකම් කාර්යාලයේදී පැවසූයේ අහිංසාවාදීව මෛත්‍රිය පෙරදැරි කරගෙන නව පදවියේ කටයුතු කිරීමට මුළු රටේම වැසියන්ගේ සහයෝගය පතන බවයි.

නිදහස් හා සාධාරණ ඡන්දයක් පැවැත්වූ මැතිවරණ කොමසාරිස්ට හා සහය දැක්වූ පොලිසියට, හමුදාවට හා ඡන්ද දායකයනට ද මහින්ද රාජපක්ෂ ජනපතිටද ඔහු ස්තුති කළේය.