මෛත්‍රී ප්‍රංශ සමුළුවටත්


පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව අවසානයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවට සහභාගී වීම සඳහා අද (29) ප්‍රංශය බලා පිටත්ව යාමට නියමිතය.

දේශගුණික විපර්යාස සමුළුව නොවැම්බර් 30 වැනිදා සිට දෙසැම්බර් මස 11 වන දින දක්වා ප්‍රංශයේ ලා බොගට්හිදී පැවැත්වීමට යයි.

21 වැනි වරට පැවැත්වෙන එම සමුළුව සඳහා ජගත් සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් මහතා ද රටවල්  147ක නියෝජිතයින්ද සහභාගී වෙයි.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සෙල්සියස් අංශක දෙකට වඩා අඩු අගයක පවත්වා ගැනීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙවර සමුළුවේ දී සම්මුතියකට එළඹීමට නියමිතය.