පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වූ පැල්මඩුල්ල නගරයේ පැවැති ජන හමුවකට ප්‍රහාරයක් එල්ල වූ බව පොලිසිය කියයි.
සිරිසේන මහතා කතාව ඇරැඹීමත් සමඟ ඒ අසළ තිබූ ගොඩනැගිල්ලක සිට වේදිකාව දෙසට ගල් ප්‍රහාර කිහිපයක් එල්ල වූ බව ප්‍රදේශවාසීහු කියති.
සිරිසේන මහතා ආරක්ෂිතව එම ස්ථානයෙන් රැගෙන ගිය බවත්, රැස්වීමට පැමිණ සිටියවුන්ට තුවාල සිදුවීදැයි ක්ෂණිකවම දැන ගැනීමට නොහැකි බවත් දේශපාලන ආරංචි කියයි.

