‘මහින්ද රාජපක්ෂ හිතපු නැති පොදු අපේක්ෂකයෙක් බිහි වුණා. මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා වුණු නිසා ආණ්ඩුවට කෝටි සියයක් පමණ පාඩුයි. මං වෙනුවෙන් මුද්‍රණය කළ මඩ පෝස්ටර වෙනුවට අලුතෙන් නිර්මාණය කරන්න වෙනවා. මං වෙනුවෙන් බටලන්ද කියා චිත්‍රපටයකුත් නිර්මාණය කර තිබුණා. හරිම පාඩුවක් ආණ්ඩුවට වෙලා තියෙන්නේ.‘ යැයි විපක්ෂ නායක හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ හයිඩ් පිටියේ පැවැති ජන හමුවක දී කීවේය.
‘ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී බොහෝ රටවල විධායක ජනාධිපතිට තරග වදින්න පුළුවන් දෙවරක් පමණයි. අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට 18 වැනි සංශෝධනය ගෙනත් එය වෙනස් කළා. දැන් තියෙන්නේ විධායක ජනාධිපති ක්‍රමයක් නොවෙයි. ඒකාධිපති ජනාධිපති ක්‍රමයක් තමයි දැන් තියෙන්නේ. මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් නොවෙයි. මෙය රාජපක්ෂ රෙජීමයේ ආණ්ඩුවක්. ‘

