බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක නිරත ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට (10) බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
ලන්ඩන් නුවර ඩවුනින් වීදියේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය නිල නිවසේදී මෙම හමුව පැවැත්වෙන බව විදෙස් අමාත්‍යංශය කියයි.
ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන වැඩපිළිවෙළ ගැන විශේෂයෙන් සාකච්ඡා කරනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශක දොස්තර ක්‍රිස් නෝනිස් ද සහභාගී වීමට නියමිතය.

