මේස් කුට්ටමේ රන්


රුපියල් ලක්ෂ හතලිස් පහක් පමණ වටිනා රන් බිස්කර් නවයක් (ග්‍රෑම් 750) සපත්තු මේස් අස්සෙන් ඉන්දියාවේ මුම්බායි වෙත රැගෙන යන්නට ආ කොළඹ වෙළෙඳුන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු සමාජ ආරක්ෂණ අංශයේ රේගු අධ්‍යක්ෂ ලෙස්ලි ගාමිණී මහතා කියයි.

රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් පී විජේවීර  මහතාගේ අධීක්රණයෙන් රේගු අධිකාරී සුදන්ත සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන නිශාන්ත ජයසිංහ, ටී ශිවපාලං, අරුණ ශාන්ත , සහකාර රේගු අධිකාරීවරුන් වන නුවන් බේනායක, චන්දිම කරුණාරත්න, රෝහන කුමාර සහ නිරෝෂා විජේතුංග මහත්වරුන් විමර්ශන සිදු කළ අතර නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ස්ටැන්ලි සේනාරත්න මහතා රේගු පරීක්ෂණය සිදු කළේය.