බාල වයස්කාර පාසල් සිසුවියක අපයෝජනය කළ පෙදරේරුවකුට අනුරාධපුර විශේෂ මහාධිකරණයේ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය වසර විස්සක බරපතල වැඩ සිහිත සිර දඩුවමක් නියම කළාය.
විත්තිකරුට දඩුවම් නියම කළ අවස්ථාවේ ඔහු මහාධිකරණයට නොපැමිණ අධිකරණය මඟ හැර පළා ගොස් ඇති බව පොලිසිය අධිකරණයට දැන්වීය.
පසුව විත්තිකරුට විසි වසරක බරපතල වැඩ සහිත සිර දඩුවමක් දඩුවමක් නියම කළ මහාධිකරණ විනිසුරුවරිය විත්තිකරු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් අනුරාධපුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මගින් වරෙන්තු නිකුත් කැරිණි.
මෙසේ දඩුවම් නියම වූයේ අනුරාධපුර පාලාඩිතකුලම ඩබ්.එම්.වසන්ත රත්නසිරිටය.
2004 වසරේ ජනවාරි 27 වැනි දා හෝ ඊට ආසන්න දිනයක ඔහු මේ අපරාධය කැර ඇත.

