ලංකාවේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායම් නායකයෙක් සහ ගායකයෙක් ලෙස බොහෝදෙනා ආදරය කරන චරිතයක් ලෙස නලින් පෙරේරාව හඳුන්වන්න පුළුවන්. මේ දිනවල අලුත් වැඩක් සඳහා දායක වෙලා තිබෙන බව ඔහු අපත් සමග පැවසුවා.
"අපි මේ අවුරුදු 10කින් පස්සෙ තමයි මේ අලුත් නිර්මාණ කරළියට අත දාන්නේ. ඉතිං මේ ගීතය බෑන්ඩ් එකේ ඔක්කෝම එකතුවෙලා හදපු ගීතයක්. මෙම ගීතයේ වචන ඇවිල්ලා සම්පත් ප්‍රනාන්දුපුල්ලිගේ. පොඩ්ඩක් රොක් පැත්තට බර කරලා හදපු ගීතයක්. ගොඩක් සංගීත ප්‍රසංගවලදී Play කරන්න පුළුවන් ගීතයක්. අපි බලන්නෙ සංගීත ප්‍රසංගවලට වෙනස් පැත්තකින් කරළියට එන්න. ඉතිං එකේ මුල් ප්‍රයත්නය තමයි මේ කරගෙන යන්නේ. මෙහි මියුසික් වීඩියෝ එකේ කටයුතු සිද්ධ වුණෙ ඔස්ට්‍රේලියාවේදියි. ඕක තමයි දැනට තියෙන තත්ත්වය. අපි සතියක් වගේ ඇතුළත වීඩියෝ එක එළිදක්වන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ ගීතය අපි නම් කරලා තියෙන්නේ 'වං හුං' කියලයි. වෙනසක් වෙයි කියලා හිතනවා."


