මේජර් නෙවිල්ගේ ඉඩම ළඟ ඉඩමේ දෙවැනි වළත් හාරයි


හිටපු ජනාධිපති හා කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක ප්‍රධානියා වන මේජර් නෙවිල් වන්නිආරච්චිගේ වීරකැටිය වල්ලේමුලන නිවස සමීපයේ ඔහුගේ සමීප ඥාතියකුගේ ඉඩමක බැකෝවකින් ලොකු වළක් හාරා ඇති බවත්, තවත් වළක් හෑරීම ඇරැඹූ බවත් පොලිස් ආරංචි කියයි.

අක්කර තුන්කාලක් පමණ විශාල වූ මෙම ඉඩමේ පොල් වගාවක් ද ඇත.

මෑතදී ඉඩම එළිපෙහෙළි කර ඇති ලකුණු ද පෙනේ.

මූල්‍ය අපරාධ පොලිස් කොට්ඨාසය අධිකරණයෙන් ගත් අවසරයක් මත බැකෝ මගින් හාරා පිරික්සන බව පොලිස් ආරංචි පවසයි.

මේජර් නෙවිල් එහි නැති නමුත් ඔහුගේ නැන්දනිය බව කියන කාන්තාවක් එහි සිටින බව දැනගන්නට ඇත.

මහින්ද රාජපක්ෂ මහතාගේ මැදමුලන මහගෙදර පිහිටියේ පල්ලේමුලන සිට කිලෝමීටර දෙකක් ඈතිනි.

පල්ලේමුලන අත්තනයාලේ මේජර්ගේ නිවස ආසන්නයේ ඔහුගේ ඥාතියකුගේ ඉඩමක් බැකෝ යන්ත්‍ර මගින් හෑරීම අද උදේ 10ට ඇරැඹිණි.

පස්වරු 3.30 වන විට වළවල් දෙකක් කපා තිබිණි.

ඒ වන විට කිසිත් හමු නොවූ බව පොලිස් ආරංචි පවසයි.

පස්වරු 6 වන විට වළවල් දෙකක් හරා වසා දැමූ බවත්, එම වළවල්වල තිබුණේ මොනවාද යන්න හා ඒවා හෑරීමට හේතුව ගැන පොලිසිය හෝ එෆ්සීඅයිඩිය නිල ප්‍රකාශයක් නොකළ බවත් වාර්තා වේ.

40fce634502db813e34bec49e1d5589286f4db0aab80fae06d446630402e29b5 a70dc3663393bf3774172db8eb0e1259508fdc12cd9eb67d334866c88d46935f

01-(1)(1) 01-(6)(1) 01-(14) 01-(15) 01-(19) 01-(24)

Untitled-1