දිනෙක සිය දියණිය නිළියක වීමට අවසර පැතුවොත් කුමක් සිදුවෙනු ඇද්දැයි මේ මෑතකදී ෂාහිඞ් කපූර්ගෙන් මාධ්‍යවේදියකු ප‍්‍රශ්න කළේය. ඔහු දුන්නේ මාධ්‍යවේදියා පුදුමයට පත් කළ පිළිතුරකි.
”එයා මගෙන් නිළියක් වෙන්න ඇහැව්වොත් එහෙම මම හොඳටම බය වෙයි. මේක රළු වෘත්තියක්”. ෂාහිඞ් පැවසුවේය.
ෂාහිඞ් කපූර්ගේත් මීරා රාජ්පූත්ගේත් පළමු දරුවා දියණියකි. ඇය උපන්නේ අගෝස්තු මාසයේදීය. එහෙත් තවමත් ෂාහිඞ් සිටින්නේ පිතෘ නිවාඩු කාලය ගෙවමිනි.
”මම වැඩ කරන්න ඇබ්බැහි වෙලා හිටිය කෙනෙක්. දැන් නම් මම මගේ දුවට ඇබ්බැහි වෙලා ඉන්නේ. මම මාස පහක්ම කිිසිම වැඩක් බාර ගත්තේ නෑ... දැන් මගෙ දුවට මාස දෙක පහුවෙලා. ඇත්තටම එයත් එක්ක ගෙවෙන හැම දවසක්ම අලූත් අත්දැකීමක්... දරුවෙක් එක්ක ඉන්න කොට දැනෙන දේවල් වචනවලින් විස්තර කරන්න බෑ... මම මගේ යාළුවන්ටත් කියන්නෙ දරුවන්ගෙන් ඉගෙන ගන්න කියලා... ඒවා කවදාවත් අමතක වෙන්නෙ නෑ... ඔහු කියයි.
සිය පියා පන්කජ් කපූර් ඉතා අපූරු තැනැත්තෙකු බැව් ෂාහිඞ් පවසයි. ඔහු ෂාහිඞ් ඕනෑවට වඩා ප‍්‍රවේසම් කළේය. එහෙත් තමා සිය දියණිය සම්බන්ධයෙන් එසේ ක‍්‍රියා නොකරනු ඇතැයි ෂාහිඞ් කියයි.
”මගේ තාත්තා දැන් කියන්නේ තාත්තලා දරුවො වෙනුවෙන් විඳින වද මට දැන් හොඳටම තේරෙයි කියලා...” ඔහු කියන්නේ සිනාසෙමිනි. විශාල් භාරද්වාජ්ගේ රැන්ගුන් සහ සන්ජේ ලීලා බන්සාලිගේ පද්මාවතී තුළින් ළඟදීම ඔහු දැක ගත හැකි වනු ඇත.



