මේ සුත්තරේට අහු වුණොත් ඉවරයි


යාන වාහන විකිණිමේ හා කුලියට දීමේ දැන්වීම්කරුවන් සොයා ගොස් එම වාහන කුලියට හෝ කොටස් වශයෙන් ලබාගෙන ව්‍යාජ ලියැවිලි තනා ඒවා විකිණිමේ ජාවාරම්කරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

මධ්‍යම පන්තියේ පුද්ගලයින් මීට වැඩි වශයෙන් ගොදුරු වී ඇති බවත් රත්නපුරයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු නම් පහකින් පෙනී සිට ඇති බවත් පොලීසිය පවසයි.

මෙවැනි  වංචාවලට හසු වු අය සිටිතොත් විස්තර ළගම ඇති පොලීසියට දන්වන්නැයි පොලීසිය ඉල්ලීමක්ද කරයි.