මේ වසරේ ලංකාවට වැඩි සංචාරක මනාපයක්


 

මේ වසරේ මුල් මාස 11 දී විදෙස් සංචාරකයින් පහලොස් ලක්ෂ අනූදහසකට වැඩි ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රීලංකා සංචාරක අධිකාරිය පවසයි.

පසුගිය වසර හා සැසඳීමේදී මෙය සියයට 18.1 ක වර්ධනයක් බව සංචාරක අධිකාරිය නිකුත් කර ඇති වාර්තාවක දැක්වේ.

එම වාර්තාවට අනුව වැඩිම සංචාරක පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ චීනය,ඉන්දියාව,එක්සත් රාජධානිය සහ ජර්මනියෙනි.

නොවැම්බර් මාසයේ පමණක් මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව එක් ලක්ෂ හතළිස් හතර දහස් එකසිය හැත්තෑ හතර දෙනෙක් බවද එම වාර්තාවේ සඳහන්ය.ඔවුන්ගෙන් බහුතර ඉන්දියා ජාතිකයෝය.