(ගයාන් සූරියආරච්චි)
ජනවාරි මස සිට මේ දක්වා කාලය තුළ රිය අනතුරු 1842ක් වාර්තා වී ඇති අතර එම අනතුරුවලින් 965 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
මැයි මස ආරම්භයේ සිට ඊයේ (14) දින දක්වා කාලය තුළ මාරක රිය අනතුරු 902 ක් වාර්තාවී ඇති බවද පොලිසිය කියයි.
අපරීක්ෂාකාරීව රිය පැදවීම, බීමත්ව රියපැදවීම, මාර්ග නීති උල්ලංඝනය කරමින් රියපැදවීම ඇතුළු වැරැදි හේතුවෙන් එම රිය අනතුරු සිදුව ඇති බව පොලිසිය පවසයි.
රිය අනතුරු අවම කිරීමට පොලිසිය විසින් විශේෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බවත් රියැදුරන් දැනුවත් කිරිමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් පොලිසිය කීය.