(ඩේලි මිරර් ඇසුරිනි - 125)
ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය නවීකරණය කිරීම සඳහා නව නීති රැසක් මේ වසරේදී හඳුන්වා දෙන බවත් ,ඒවා රට ඉදිරියට ගෙන යන ඒවා වන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 43 වැනි සම්මේලනය හා එම සංගමයේ නව සභාපති නීතීඥ යූ.ආර්.ද සිල්වා මහතා සිය ධූරයේ වැඩ බාර ගැනීම සඳහා ඊයේ (25) කොළඹ කිංස්බරි හෝටලයේ පැවති උත්සවයකදීය.
අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් මෙසේ ද කීවේය.
ලංකාවේ තිබෙන වෙළඳපොළ ආර්ථිකය නවීකරණ කිරීම රජයේ අරමුණයි. ඒ සඳහා මෙරට නීතී පද්ධතියත් නවීකරණය කළ යුතුයි.ඒ අනුව මේ වසරේදී අපි නව නීති ගණනාවක්ම ගේනවා.විශේෂයෙන්ම ත්‍රස්තවාදය තුරන් කිරීමේ පනත ,පිටරට බාල භාණ්ඩ මෙරටට ගෙන ඒම වැළැක්වීමේ පනත , ඉඩම් බැංකුවක් ස්ථාපිත කිරීම සඳහා ඉවහල් වන නව ඉඩම් පනත මේ නීති අතර වෙනවා.
මේ අතරේ නව දේශීය ආදායම් පනත ලබන මැයි හෝ ජූනි මාසයේදී ඉදිරිපත් කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා.මෙම නව නීති ගෙන ඒම සඳහා සහාය ලබා දෙන මෙන් මම නීතීඥ ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා‘ යයිද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

