මේ මාසේ අඩුවට එළවළු කන්න බෑ


(ආරියරත්න රණබාහු)

මෙම මස අවසන් වනතුරු එළවළු මිල ඉහළ අගයක පවතිනු ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පුහුණු කිරීමේ ආයතනය පවසයි.

ඒ අනුව මේ වන විට බෝංචි,කැරට්, ලීක්ස්, බීට්රූට්, නෝකෝල්, මාළුමිරිස් සහ කරවිල ආදි එළවළු කිලෝවක තොග මිල රුපියල් 250 සිට රුපියල් 500 දක්වා ඉහළ ගොස් ඇති බව එහි ප්‍රකාශකයෙක් පැවැසීය.  

මෙම තොග මිල මෙසේ වුවද සිල්ලර වෙළෙඳ පොලේ මිල ගණන් ඊට හාත් පසින්ම වෙනස් අගයක් ගන්නා බව පැවැසේ.