
සිරස සුපර් හරහා ඔස්සේ බොහෝ දෙනා හඳුනන චරිතයක් බවට පත්වූ චාමික සිරිමාන්නට අදටත් ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරයන් පිළිබඳව කියා පෑමට වචන නොමැත. ආදර ගීත නිර්මාණ ගොන්නට වැටී තිබූ ගායකයෙන් ලෙස ඔහුව බොහෝ දෙනා හැඳින්වූවත් එය සීමාවෙන් එහා යෑමට අලුත්ම තේමාවක් යටතේ ගීතයක් එළිදැක්වීමට කටයුතු කරයි. ඒ පිළිබඳව අප සමග පැවැසුවේ මෙවැන්නකි.
"යන්න එපා මතකයෙන් ඔයා යන සිංදුව වීඩියෝවක් එක්ක ගිය අවුරුද්දේ අන්තීම වගේ එළිදැක්වූවා. ඊළඟට මේ දවස් වලසිංදුවක් හදලා තියෙනවා. තව සතියක් දෙකක් ඇතුලත එළිදක්වන්න තමයි හිතන ඉන්නේ. ඒක ගීය නම් කරලා තියෙන්නේ 'මං මගේමද' කියලා. මේ ගීතය සඳහා වීඩියෝවක් කරනවාද කියලා තාම හිතලා නැහැ. කරනවානම් කොහොමද කරන්නේ, මොකක්ද ඒකෙන් පෙන්නන්න ඕනේ කියන එක තාම හිතලා නැහැ. සමහරක් විට වීඩියෝවක් කෙරෙන්නත් පුළුවන්. හැබැයි මේ ගීතය ගොඩක් වෙනස් එකක්. ඒක ඇහැව්වාම හැමෝටම තේරෙයි. මෙච්චර කාලෙකට මම කරපු නැති විදිහේ, ටිකක් වෙනස් මාතෘකාවක් ගැන කතාකරන දෙයක්. මේක ආදර ගීතයක් නෙවෙයි."

