මලයාසියාවේ ක්වාලලම්පූර් අගනුවර අලුත්ම තාලයේ කප්පම් කෑමක් සිදුවෙතෙයි එරට නීතීඥ සංගමයක් කියයි.
එහි දී මුලින්ම සිදුවනුයේ පුද්ගලයකු තවත් පුද්ගලයකුගේ සාක්කුවට දුරකතනයක් හෝ රිංගිට් නෝට්ටු කිහිපයක් සහිත මුදල් පසුම්බියක් හැඳුනුම්පතක් දැමීමයි.
මිනිත්තු කිහිපයකට පසු අයිතිකරු ඉදිරිපත් වේ.
‘ඔබ හොරෙක් වේ‘.
ඔහුගේ මුදල් පසුම්බිය සොරකම් කළැයි ඔබට කෑකෝ ගසති.
ඒ ගැන කිසිවක් නොදන්නා ඔබ පැත්තකට රැගෙන යන අයිතිකරු වැඩේ ගොඩින් බේරාගැනීමට යෝජනාවක් ඉදිරිපත් කරයි. ඔහු පොලිසිය කැඳවයි. මුදල් දුන්නොත් වැඩේ හමාරලු. මෙවැනි සොරකම්වලට හැම විටම සාක්කිකරුවෙක් සිටී.
ක්වාලලම්පූර් ගුවන්තොටුපොළ හෝ දුම්රියේ දී විදේශිකයෝ මේ සූත්තරේට බොහෝ විට අමුවේ.
මහ දවාලේ සිදුවන මේ කප්පමට අසු වන්නන් කප්පම නොගෙව්වහොත් ඔහුට පොලිසියේ ලගින්නටත්, නිරපරාදේ උසාවියේ නඩුවකට මුහුණ පාන්නටත් සිදුවේ.

