නර්තනය හැදෑරීමක් සිදුකරමින් කලා ක්‍ෂේත්‍රයට පිවිසෙන ඇය රංගන කටයුතු සඳහා ප්‍රවේශවී සිටින්නීය. නර්තනය, රංගනය හා රූපලාවණය කටයුතු සිදුකරමින් කලාව තුළ රැඳී සිටින ඇය නමින් දිනිති දෞපති බලවෙදගේය. ඇගේ ඉදිරි කලා කටයුතු පිළිබඳව ‘සාරවිට’ සමගින් පැවසීමට මෙලෙසින් හඬ අවදි කළාය.
මුලින්ම ඔබ ගැන හැඳින්වීමක් කරන්න.
මම දිනිති දෞපති බලවෙදගේ. මම පදිංචිවෙලා ඉන්නෙ කොට්ටාවෙ. මගේ පවුලේ ඉන්නෙ මමයි, අයියයි, තාත්තයි, අම්මයි. මගේ වයස අවුරුදු 27යි. මම විවාහකයි.
ඔබ ක්ෂේත්‍රයට ඇවිත් දැන් කොපමණ කාලයක් වෙනවද?
රංගනයට පිවිසිලා දැන් අවුරුද්දක් විතර වෙනවා. නර්තන කටයුතුවලට ඇවිත් නම් අවුරුදු 6ක් විතර වෙනවා.
ඔබ රංගනයට පිවිසෙන්නේ කුඩාකාලයේ සිට තිබුණ ආසාවක් එක්කද?
ඇත්තටම නිළියක් වෙන්න ලොකු ආසාවක් තිබුණා. නිළියක් වෙන්න ආසාව වුනත් අවස්ථාවක් ලැබුණෙ නැති නිසා ඒක හීනයක්ම වෙයි කියලා හිතුවා. පසුව ගුරුවරියක වීමේ බලාපොරොත්තුවෙන් Dancing කළා. භරත නර්තනය ප්‍රදීප ආරියවංශ ළඟ හැදෑරුවා. අකිල මල්ලි මාර්ගයෙන් හදිස්සියේම ‘කොළඹ අපි ආවා’ Drama එකට නර්තනයෙන් දායක වෙන්න අවස්ථාවක් ලැබුණා.
එතකොට දැන් නිළියක් වීමේ හීනය හැබෑවෙලාද?
තරමක් දුරට. පසුව ඒ Drama එකට රංගනයෙන් දායක වෙන්නත් අවස්ථාව ලැබුණා. තව ගොඩක් ඉස්සරහට යන්න තියෙනවා. තවම නිළියක් වුණේ නෑ. රංගනයට පිවිසුණා විතරයි.
ඔබ රංගනයෙන් දායකවුණු නිර්මාණ මොනවාද?
‘කොළඹ අපි ආවා’, ‘දඩකෙළි අරණ’, ‘ ගැමුණු මහරජ’ සඳහා රංගනයෙන් දායක වුණා. ලකී ඩයස්ගෙ ‘දඩබ්බරී’ කියන අලුත්ම DRAMA එකට දායක වුණා. ඒක ඉදිරියේදී විකාශය වීමට නියමිතයි. තවත් නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා.
ඔබ දැන් නර්තන කටයුතුවලින් ඉවත්වෙලාද?
නෑ. තවමත් නර්තන කටයුතු කරනවා.
ඔබ නර්තනයේ යෙදෙන්නේ යම්කිසි හැදෑරීමක් කරලා, ඔබ රංගනය පිළිබඳවත් එවැනි හැදෑරීමක් කරලා තියෙනවද?
ඇත්තෙන්ම එහෙම හැදෑරීමක් කරලා නෑ. නමුත් ඉදිරියේදී ඒ පිළිබඳ හැදෑරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා.
ඔබට ක්ෂේත්‍රය පිළිබඳ මොකද හිතෙන්නෙ?
මෙය ඇත්තටම ගොඩක් හොඳ ක්ෂේත්‍රයක්. මට මේ ක්ෂේත්‍රයට සම්බන්ධවීමට ලැබීම ගැන ගොඩක් සතුටුයි.
නිර්මාණ බාරගැනීමේදී ඔබටත් යම්කිසි සීමාවන් තිබෙනවාද?
ඔව්. මට ගැළපෙන මට සුදුසු නිර්මාණ තමයි මම විශේෂයෙන් මම භාරගන්නේ. විශේෂයෙන් ගැමි චරිතවලට තමයි මම ගොඩක් කැමති.
ඔබේ වෘත්තීය රංගනයද? නර්තනයද?
නර්තනය, රංගනය වගේම මම රූපලාවණ්‍ය ශිල්පිනියක්. මම ඒ ක්ෂේත්‍රයන් තුනම නියෝජනය කරනවා. නමුත් ඉදිරි වැඩකටයුතුත් එක්ක රංගන ශිල්පිනියක් පමණක්ම වේවි.
ඔබේ රූපලාවණ්‍ය කටයුතු ගැනත් කියමු?
මගේ ගෙදර මම රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යනවා. ඒ වගේම Dreamroon Beauty Collage එකේ Professional Beautician කෙනෙක් විදියට ඉගෙන ගන්නවා. මේ දවස්වල එහි විභාගය සඳහා සූදානම් වෙනවා.
ඔබ විවාහක කාන්තාවක්. ඔබේ වැඩකටයුතු සඳහා සැමියාගෙන් ලැබෙන ප්‍රතිචාරය මොන වගේද?
Husband මුලින්ම අකමැති වුණා. පසුව කැමැත්ත දුන්නා. නිතරම මට කියන්නෙ තමන්ගේ ආරක්ෂාව, තමන්ගෙ චරිතය ගැන හිතලා වැඩකරන්න කියලා. ක්ෂේත්‍රය ගැන මිනිස්සු බලන්නෙ වෙනම කෝණයකින්. ඒ නිසා නිතරම මහත්තයා ඒ දේවල් ගැන නිතරම හොයලා බලනවා. අවවාද දෙනවා.
ඔබ මවක්. දරුවන්ගේ වැඩ කටයුතුත් එක්ක රංගනය, නර්තනය, රූපලාවණ්‍ය කියන ක්ෂේත්‍ර‘ තුනේම වැඩකටයුතු සඳහා කාලය වෙන් කරගන්නේ කොහොමද?
ඇත්තටම කාලය වෙන් කරගන්න නම් ගොඩක් අමාරුයි. නිදහස අඩුයි. ඒ නිසා පසුගිය දිනවල ලැබු‘ණු නිර්මාණ ගොඩක් බාරගත්තේ නෑ. අම්මාත් උදව්වට ඉන්න නිසා වැඩ කටයුතු හැකි අයුරින් කරගෙන යනවා.
ඔබේ ඉදිරි වැඩකටයුතු ගැන කතා කරමු.
Dreamroon Collage එකේ Exam එක කරන්න සූදානමින් ඉන්නෙ. නර්තනය තවදුරටත් හදාරන්න බලාපොරොත්තුවක් තියෙනවා. රංගන වැඩකටයුතුත් හොඳින් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සියල්ලටම ප්‍රථම පවුලේ වැඩවලට මූලිකත්වය දෙමින් කටයුතු කරනවා.
ඔබේ ගමනට උදවු කළ අය ගැන මතක් කිරීමක් කරමු.
මගේ මහත්තයා, අම්මා, මාත් එක්ක Shooting වලට එන මගේ පුංචි එයාලා මට ලොකු ශක්තියක්. අකිල ගුරුසිංහ මල්ලි, චන්දන ප්‍රියන්ත අයියා, ඉන්ද්‍රජිත් චන්ද්‍රකුමාර අයියා, සචිනි නංගි, චමෝද් අයියා, ගොඩක් ආදරයෙන් මතක් කරනවා.
දිනිත් කණිෂ්ක




