මේ කව්ද ? මොනවද කරන්නේ ?


ආදරවන්තයන්ගේ සටන හෙවත් රිච්මන්ඩ් මහින්ද ක්‍රිකට් තරඟය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අවසන්වීමෙන් පසු කඳුළු ගෑස් ගැසීමේ අයිතිය ලැබුණු මෙම පුද්ගලයා කවුදැයි ප්‍රශ්නයක් වී ඇතැයි මහින්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍යයෝ කියති. සාමාන්‍ය ඇඳුමින් සැරසී රිච්මන්ඩ් විද්‍යාලයීය කැප් තොප්පියක් පැළඳි පුද්ගලයා පොලීසියෙන් කඳුළුගෑස් විදිනයක් ඉල්ලාගෙන ක්‍රියාත්මක කරන අවස්ථාවක් වීඩියෝ ගත වී ඇත. මහින්ද විදුහල්පති වසන්ත සිරිවර්ධන මහතාගෛන් කියා සිටියේ තරඟය අවසන් වනතුරු දෙවිදුහල්හි ආදි සිසුන් ඇතුළු ආධාරකරුවන් ඉතාමත්ම සංවරව සිටි බවත් ත්‍යාග ප්‍රධානෝත්සවය සඳහා ක්‍රීඩා ලෝලීන් පිටියට පැමිණි පසු පොලීසිය කඳුළු ගෑස් එල්ලකොට අනවශ්‍ය වැඩක් කළ බවයි.

පොලීසිය පවසන්නේ රිච්මන්ඩ් කණ්ඩායමට අවසන් පන්දුවට පහරදීමට පෙර ක්‍රීඩා ලෝලීන් පිරිසක් පිටියට කඩා වැදීම නිසා මෙලෙස කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට සිදුවූ බවයි. පිටියේ සිටි මාධ්‍යවේදීන් පවසන්නේ අවසන් පන්දුව ද යවා ක්‍රීඩකයන් ක්‍රීඩාගාරවලට ද ගිය පසු ත්‍යාග ප්‍රධානෝත්සවය පැවැත්වීම සඳහා ක්‍රීඩා ලෝලීන් පිටියට පැමිණි බවයි. පිටිය මැද තත්ත්වය පාලනය කිරීමට මහින්ද ශිෂ්‍ය කූඩාරමට කඳුළුගෑස් එල්ල කිරීමෙන් සිසුහු දැඩි අපහසුතාවකට පත්වූහ.