(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවත් පිල්ලෙයොන් තියාගෙන නැටුමක් නටන බව පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
විපක්ෂය ප්‍රශ්න අහන්නේ ගොවියාට අවශ්‍ය දේවල් ආණ්ඩුවෙන් නොකෙරෙන නිසා. ඒ දේවල් හරියට කෙරෙනවා නම් මේ අර්බුද ඇතිවන්නේ නැහැ.ඒ වගේම ආණ්ඩු පක්ෂයේ අය කොතරම් එකිනෙකාට අපහාස කරලා තියෙනවද කියලා හෑන්සාඩ් වාර්තා අරගෙන බලන්න.ජාතික විගණන සංශෝධන පනත් කෙටුම්පතේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේක ස්වාධීන ආයතනයක්. මේ අයට බලතල ගොඩක් දීලා තිබුනා.දැන් අධි බාර සමාලෝචන කමිටුවක් පත් කරන්න යනවා. මේක වෙනම ආයතනයක්.එතකොට මේ ස්වාධීනා ආයතනයට වෙන්නේ මොකක්ද?හැම නිලධාරියාම බය කරලා තමන්ගේ අතට ගන්න වැඩ පිළිවෙලක් මේ විගණන පනතින් සිදු නොවිය යුතුයි.ඒ වගේම ඔබ තුමාලාගේ ජාතික ලැයිස්තුවේ හිටපු පාස්කු ප්‍රහාරයේ ඊබ්‍රහම් නානා ගැන පරීක්ෂණ ගැන මුකුත් ඔබතුමාලා කියන්නේ නෑ.මතක තියාගන්න, මේ රටේ පාස්කු ප්‍රහාරය ගැන තමුන්නාන්සේලාත් අනෙක් අය වගේම නැටුමක් නටනවා. පිල්ලෙයන් තියාගෙන නටවනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.