මොරගහකන්ද වාරි ව්‍යාපෘතියට දිය පුරවයි


කඩිනම් මහවැලි ව්‍යාපෘතිය යටතේ මෙරට ඉදිවන අවසන් වාරි ව්‍යාපෘතිය වන මොරගහකන්ද වාරි යෝජනා ක‍්‍රමයේ අඹන් ගඟ හරහා ඉදිකර ඇති ජලාශයට ජලය පිරවීමේ කටයුතු අද (11) ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් සිදුවිය.

මහවැලි මහ සැලැස්ම යටතේ ඉදිවන මෙම වාරි ව්‍යාපෘතිය යටතේ මහකනදරාව හා හුරුළුවැව දක්වා ජලය ගෙන යාමට නියමිතය.

ජලය පුරවන අවස්ථාවේ මංගල දිය පැන් කල හතකට රැගෙන ජය ශ‍්‍රී මහා බෝධින් වහන්සේ නැහැවීම සඳහා ප‍්‍රදේශයේ ගොවීන් විසින් ජනාධිපති වෙත පිළිගැන්වීම ද විශේෂත්වයක් විය.මහා සංඝරත්නයේ පිරිත් සජ්ජායනා මධ්‍යයේ දියවර පිරවීම සිදුවිය.

DSC07797 DSC07811

DSC07838DSC07820 DSC07833  DSC07893

ජායාරූප - කාංචන කුමාර අාරියදාස

president-news-pix-(1) president-news-pix-(2)

ජායාරූප - ක.ග. කරුණාරත්න